Sunday, December 29, 2024

ඔක්තෝබර් 1 වැනිදා සිට රටට සිදුවන ‌දේ හමුදාපති කියයි

ඔක්තෝබර් මස 01 වැනිදා අලුයම හතරට රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා සදහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුවන බවයි.

ඒ අනුව රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍යය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය යනාදි අංශ ඉලක්ක කර මෙම සැලසුම් සකස් කෙරෙන බවත් එම සැලසුම් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරෙනු ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
රට විවෘත කළ පසු ජනතාවට සැලකිය යුතු කාලයක් සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කිරීමට සිදුවනු ඇති බවත් එසේ කටයුතු නොකළහොත් යළි බරපතළ ගැටලු ඇතිවිය හැකි බවත් හමුදාපතිවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles