ඔක්සිජන් ටොන් 100ක් රැගත් ‘ශක්ති’ අද මෙරටට

0
298

ඉන්දීය නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකාව ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් (බහාලුම් 5ක්) සමග අද (22) දිනයේදී කොළඹට ළඟා වීමට නියමිතය. සමුද්‍ර සේතු – II ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම යටතේ ඉන්දීය නාවික හමුදා නෞකාව පිටත් කර එවන ලද්දේ කඩිනමින් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයීමට සහය ලබා දෙන ලෙසට මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here