ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ දෙන්නේ නෑ

0
276

ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා.

මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වන විට ඉහළ ගොස් ඇතැයිද ඒ අනුව මේ වන විට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීමට මූලික අවධානයක් යොමුව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කලා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සම්බන්ධයෙන් වන ගැටලූව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයිද එම වාර්තාවට අනුව ඉදිරියේදී නිල වාර්තාවක් ඉදිරිපත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here