ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නෙවෙයි පාස්කු ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා වැඩි යමක් තියෙනවා – කාදිනල්

0
378

ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න, ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ යනුවෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ  වාද්දුවේ දී පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ  මෙසේද කීවේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවල  නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා යටින් ඊට වඩා ලොකු වැඩපිලිවලක් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා.

අපිට කාගෙන්වත් පලිගන්න ඕන කමක්,රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත දැනගන්න ඕන. මේ ප්‍රහාරය දැනගෙන උසස් තනතුරු දරපු පොරොන්දු දුන්න උදවිය දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඒක තමයි අපට දරාගන්න බැරි කාරණාව. මේකට එයාලගේ වගකීමක් තියෙනවද කියලා අපිට සැකයක් තියෙනවා .

ඒ නිසා මේ ප්‍රශ්නය නිමවන තුරු එකට නැගී සිටින ලෙස සියලු කතෝලික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා යනුවෙන්ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here