Thursday, January 16, 2025

ඔන්ලයින් වෙළඳාම් සඳහා නව නීති රාමුවක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය

අන්තර්ජාලය ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කිරීමේදී පවතින වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මීට අදාළ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ හා අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ඔන්ලයින් ක්‍රමයට වෙළඳාම් කටයුතු සිදු කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ වෙළද ආයතන කිහිපයක නියෝජිතයින් ද ඊට එක්ව සිටි බවයි අධිකරණ අමාත්‍යංශය නිවේදනය කලේ.

මෙම අවස්ථාව සදහා මාර්ග ගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ වෙළද ආයතන කිහිපයක නියෝජිතයින් එක්ව සිටි අතර ඔවුන් අන්තර්ජාලය හරහා වෙළදාම් කටයුතු සිදු කිරීමේදී මුහුණ දෙන ගැටළු හා ඒ සදහා ශක්තිමත් නීති රාමුවක් පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් පළ කළේය.

අන්තර්ජාලය හරහා වෙළදාම් කටයුතු සිදු කිරීමේදී මුහුණ දෙන ගැටළු හා ඒ සඳහා ශක්තිමත් නීති රාමුවක් පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අදහස් පළවී තිබෙනවා.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරික ආයතනයන් මෙන්ම පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණය ඉටු වන පරිදි හා අයිතීන් සුරක්ෂික වන අයුරින් නව නීති හදුන්වා දීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

මේ සම්බන්ධව මේ වන විටත් සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යනය කරමින් නව නීති හදුන්වා දීම හා සංශෝධනය කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර මෙයට සෘජුවම සම්බන්ධ වන ආයතන හා පාරිභෝගිකයන්ගේ අදහස් විමසා අදාළ නීති රාමුව සකස් කිරීම වැදගත් බවත්, වාණිජ නීති පද්ධතිය (e – Commerce) සමාලෝචනයට පත් කොට ඇති කමිටුව හා මාර්ග ගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන නියෝජිත ආයතන මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කර නීති රාමුව ශක්තිමත් ලෙස සකස් විය යුතු බවටත්, අමාත්‍යවරුන් මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles