ඔබට ලඟම පිරවුම්හලේ ලියාපදිංචි වන්න – කංචන

0
823
kanchana

සෑම ලංගම ඩිපෝවක් සඳහාම පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයෙකු පත් කිරීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට නිකුත් කෙරෙන ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීම වෙනුවෙන් අදාළ නියෝජිතයා යොමුකරන ලෙස පෞද්ගලික බස් සංගම්වලට දැනුම්දී ඇති බවයි.

සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුටම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වන්නැයි දැනුම්දීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේ ය.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ , ඉදිරියේදී ප්‍රවාහන හා කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රම්‍රඛතාව ලැබෙන පරිදි ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් ඇතිකිරීමට අපේක්ෂා කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here