ඔබත් මේ දිස්ත්‍රික්ක 19 තුළ සිටින අයෙක්නම් ප්‍රවේශම් වන්න

0
356

ඔබත් මේ දිස්ත්‍රික්ක 19 තුළ සිටින අයෙක්නම් ප්‍රවේශම් වන්න
තද වැසි පිළිබඳ අනතුරු අඟවමින් දිස්ත්‍රික්ක 19 කට අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ එය අද දිනයේ දහවල් 12 දක්වා බල පැවැත්වෙන බවයි.

උතුරු – උතුරු මැද – නැගෙනහිර සහ වයඹ පළාත් වල ඇතැමි ප්‍රදේශ වලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එහි සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් මිලි මීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරැම් සහිත වැසි සමඟ තාවකාලික තද සුලන් සහ අකුණු තත්ත්වයන්ද හට ගත හැකි බව අවවාදාත්මක නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here