ඔබත් හමුදාවෙන් පැන්නාද? රට පැන්නාද?

0
300

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව පොදු සමා කාලය තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා හැකියාව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ලබන 15 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති එම පොදු සමා කාලය තුළ දී මේ වසරේ ඔක්තෝබර් 25 වන දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණක් වලංගු වන බවයි සඳහන් වන්නේ.

හමුදාව හැරයන පිරිස් මේ වන විට විශාල වශයෙන් ඉහළ යාම අපරාධ සඳහා ද බලපා ඇති බව සමාජ විද්‍යාඥයින් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here