“ඔබතුමා කියන්නෙම බොරු” – ගාල්ලට ආ ජනාධිපතිවරයාට ජනතාවගෙන් විරෝධය

0
509

“කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් පිළිගනු ලැබූවා.

ඒ කිතුලෙන් ඉහළට වැඩසටහන පසුගිය 17 වනදා ගාල්ල අක්මීමන හියාරේ ජලාශය අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති උත්සවයේදීයි .

පසුව ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාව සමඟ සුහද සාකච්ඡාවක නිරතවිය.

එහිදී තේ කර්මාන්තයේ නිරත ගොවීන්ගෙන් ජනාධිපතිවරයාට විරෝධය එල්ලවුණ ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

පවත්නා පොහොර හිඟය නිසා මේ වන විට දළු අස්වැන්න හරි අඩකින් පමණ අඩුවීමට ජනාධිපතිවරයාට ඇති විසඳුම කුමක්ද යන්න අසමින් ඔවුන් ප්‍රශ්න ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

ඔවුන් ප්‍රශ්න කර සිටියේ පවත්නා පොහොර හිඟය නිසා මේ වන විට දළු අස්වැන්න හරි අඩකින් පමණ අඩුවීමට ජනාධිපතිවරයාට ඇති විසදුම කුමක්ද යන්නයි.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here