Sunday, September 22, 2024

ඔබාමාගෙන් ට්‍රම්ප්ට අවවාදයක්

පවුලේ ව්‍යාපාරයක් කළමනාකරණය කරන ආකාරයෙන් ධවල මන්දිරයේ සිට රට පාලනය කිරීමෙන් වළකින්නැයි තමන් නව ජනාධිපති අනුප‍්‍රාප්තිකයා වන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අවවාද කරන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.

ඒ බී සී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇති අතර ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෘථිවියේ ඇති විශාලතම සංවිධානයේ ප‍්‍රධානියා තමන් බව ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිතට ගතයුතු යැයි ද බරක් ඔබාමා ප‍්‍රකාශ කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රුසියාව අන්තර්ජාලය හරහා බලපෑම් කළ බව අමෙරිකානු බුද්ධි අංශ මීට පෙර චෝදනා කලේය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔබාමා ප‍්‍රකාශ කර ඇත්තේ සයිබර් ප‍්‍රහාරයන්ගෙන් සහ අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු සන්නිවේදනය වීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ තමන් අවතක්සේරුවකින් සිටි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles