Friday, September 20, 2024

ඔබ ලබාගත් ජයග්‍රහණවල වටිනාකම රටට හඳුන්වාදී තව තවත් ජයග්‍රහණ කරා යා හැකි පිරිසක් බිහි කරන්න – නාමල් රාජපක්ෂ

පසුගියදා ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උළෙලේදී පදක්කම් දිනූ හා උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවේ කීර්තිය ලොවෙහි රැන්දූ පැරාලිම්පික් ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඊයේ (11) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝක වාර්තාව ද සමඟින් රන් පදක්කම හිමිකරගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි පහක මුදලක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටියක මුදලක් ඇතුළුව රුපියල් කෝටි හයක මුදලක් ප්‍රදානය කෙරිණි.

හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝකඩ පදක්කමට හිමිකම් කියූ සමිත දුලාන් ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් පිරිනැමීමත් සිදුවිය.

පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ඔරු පැදීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ එම්. ප්‍රියමාල් ජයකොඩි, මීටර් 400 දිවීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ එස්.එම්.ඒ.එස්. මධුරංග සුබසිංහ, දුර පැනීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ ඩී. එම්. කුමුදු ප්‍රියංකා, හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ එච්.සී. සම්පත් හෙට්ටිආරච්චි, යගුලිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ එච්.ජී. පාලිත බණ්ඩාර යන ක්‍රීඩකයන් හට ද රුපියල් ලක්ෂ දහය බැගින් වූ මුදල් ප්‍රදානයන් ලබාදීමත් මෙහිදී සිදුවිය.

පැරාලිම්පික් ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුගේ ම පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ පනස් දහසක මුදලක් ද ප්‍රදානය කෙරිණි.

යූ.පී.ඩී.පෙරේරා පුහුණුකරු හට රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් හා සෙසු පුහුණුකරුවන් හට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමත් සිදුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles