ඔමික්‍රොන් මෙරටට ඇතුළු වීම වැළැක්විය නොහැකියි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

0
609

ඔමික්‍රොන් ප‍්‍රභේදය මෙරටට ඇතුළු වීම වැළැක්විය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

දැනට මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සමීප ආශ‍්‍රිතයින්ට එම ප‍්‍රභේදයම වැළඳී ඇත්නම් තීරණය කිරීමට සිදුවන්නේ මෙරට තුළ ඔමික්‍රෝන් වයිරසය පැතිරී අවසන් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ වනවිටත් එම ආශ‍්‍රිතයින් හඳුනාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් වයිරස් ප‍්‍රභේදය මෙරට තුළට පැමිණීම වැළැක්වීම ප‍්‍රායෝගික නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here