Wednesday, January 15, 2025

ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තරම් දරුණු එකක් නොවන බවට තහවුරු වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී කියයි

ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය මීට පෙර වෛරසය වැළඳී ඇති හෝ එන්නත් කර ඇති පුද්ගලයින්ට පහසුවෙන් නැවත ආසාදනය විය හැකි නමුත් බිහිසුණු සංකූලතා හෝ රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකර බව එම වාර්තාවේ සඳහන් වෙි.

මෙතෙක් නිපදවා ඇති ඕනෑම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතකින් ඔමික්‍රෝන් අඩපණ කිරීමට යම්කිසි ප්‍රතිශක්තියක් ලැබෙන බව විද්‍යාඥයන් හෙළිකර ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දෙනවා.

නමුත් ස්ථිර නිගමනවලට එළඹීමට පෙර තවත් දත්ත අවශ්‍ය බව ඔහු අවධාරනය කළ අතර, ඔමික්‍රොන් හැසිරෙන ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නිරීක්ෂණ වැඩි කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles