ඔමික්‍රෝන්වලට මුහුණ දෙන්න සූදානම් වවන්න – WHO පවසයි

0
277

ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය කෙරෙහි ලෝකය කලබලයට පත්විය යුතු නොමැති බවත්, ඊට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය මීට වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බවයි.

ඔමික්‍රෝන් වෛරසය සීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය විය හැකි නමුත් ඒ සඳහා වෙනත් එන්නතක් අවශ්‍ය නොවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කොරෝනා වෛරසයේ අනෙකුත් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදයේ ප්‍රභලත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට කල් වැඩි බවත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේ මූලාරම්භය දකුණු අප්‍රිකාවේදැයි සැක මතුවන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ලොව රටවල් 40 කින් පමණ මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here