ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් එයි

0
319

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය රජය නිල වශයෙන් වාර්තා කර සිටිනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ඇති පුද්ගලයින් දෙදෙනා වාර්තා වී ඇත්තේ එරට කර්ණාටක ප්‍රාන්තයෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තාවූ එම ආසාදිතයින් දෙදෙනාම විදෙස් ජාතිකයින් බවය.

මීට සතියක පෙර පළමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 31කට ව්‍යාප්ත වී තිබේ.

පසුගිය පැය 24 තුළදී ප්‍රංශය, දකුණු කොරියාව, ඝානාව, ග්‍රීසිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයන් සොයාගැනුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here