ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනයෙන් සිදුවු පළමු මරණය බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි

0
297

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.ඔමික්‍රෝන් පළමු මරණය පිළිබඳ පළමුවෙන් ලොවට දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ය. ඒ, හදිසි මාධ්‍ය හමුවක් කැඳවමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය නව ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වී බ්‍රිතාන්‍යයේ සිදුවූ පළමු මරණය ලෙසයි.

එමෙන්ම මෙය ලොව සිදු වූ පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය ලෙසටද වාර්තා වෙි.

මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජනතාවට දන්වා සිටින්නේ ඔමික්‍රොන් යනු එතරම් බරපතල ප්‍රභේදයක් නොවන්නේ යැයි යන මතයෙන් බැහැර වන ලෙසයි.

හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දීය.

එසේම එය මෙවර නත්තල නිදහසේ සැමරීමට බලාපොරොත්තුවෙන් සිටි එංගලන්තයේ ලන්ඩන් නගර වාසීන්ට බලාපොරොත්තු නොවූ ප්‍රවෘත්තියක්ද වෙි.

ඒ අනුව එරට සෞඛ්‍ය බලධාරීන් අද (13) නිවේදනය කළේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය එම නගරය තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බවය. මේ වනවිට ලොන්ඩන් නගරයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 405ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

මෙතෙක් එන්නත් දෙකක් ලබාගෙන ඇති අය පවා එම ප්‍රභේදයේ අවදානමට ලක්ව සිටින බව නවතම පර්යේෂණවලින් හඳුනාගෙන තිබේ.

එබැවින් හැකි ඉක්මනින් සියලුදෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම වැදගත් බව ඔවුන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here