ඔමික්‍රෝන් ප්‍රභේදයේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය වෙයි

0
695

ඔමික්‍රෝන් විකෘති වයිරස ප්‍රභේදයේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය කිරීමට දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ වයිරස විශේෂඥයන් පියවර ගෙන තිබේ.

ඒ අනුව අනුමාන කළ අන්දමට ඔමික්‍රෝන් විකෘතිය ඩෙල්ටා විකෘතිය තරම් බිහිසුණු නොවන බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් ඩෙල්ටා මෙන් නොව ඔමික්‍රෝන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත් ඒ බව තහවුරු කිරීමට තවත් සති කීපයක් බලා සිටීමට සිදුවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මේ වනවිට ඔමික්‍රෝන් විකෘතිය රටවල් 86 කට ව්‍යාප්තවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.වැඩියෙන්ම ඔමික්‍රෝන් ව්‍යාප්තිය සිදුවන්නේ යුරෝපා රටවලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here