මේ වන විට වාර්තා වන රෝගීන් සඳහා ඇඳන් 7000 ක් පමණ වෙන්කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුණු පුද්ගලයන් නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු සඳහන් කළා.
පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි අවස්ථාවල මුව ආවරණය සහ අත් සෝදන ක්‍රියාවලිය අනිවාර්යයයෙන්ම සිදුකළ යුතු වනවා සේම සෞඛ්‍ය පුරුදු නිතරම අනුගමනය නොකිරීම රෝගය තවදුරටත් ව්‍යාප්ත වී තත්ත්වය බරපතළ වීමට හේතුවක් විය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
පළමු හා දෙවන මාත්‍රා ලබා ගත් සියලු දෙනා තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට වඩා රෝග ලක්ෂණ නොමැති රෝගීන් මේ වන විට සමාජයේ බහුල වීම හේතුවෙන් සියලු දෙනා එක ලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.