Saturday, January 18, 2025

ඔමික්‍රෝන් සැර බාල වෙයි. නිරෝධායන දින 7 දක්වා අඩු වෙයි!

දිනපතා ශ‍්‍රී ලංකාවේ අලුතින් වාර්තා වන කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා යන අතර ඊයේ (10) දක්වා දින 07ක කාලය තුළ හමු වූ නව ආසාදිතයන් ගණන 8784ක් බව වසංගත රෝග ඒකකය පවසයි.

මෙම තත්ත්වය අනුව ජනතාව ඒකරාශීවීම් සීමා කළ යුතු බව වෛද්‍යවරු සඳහන් කරති.

එමෙන්ම කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය සිරුරට බලපෑම් කරන කාලසීමාව අඩු වී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එම වෛරස ප‍්‍රභේදය සිරුරට ආසාදනය වී දින 05කින් පමණ පසු සම්පූර්ණයෙන් ඉවත් වන බවට වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී ඇති අතර එබැවින් ඔමික්‍රෝන් ආසාදිතයකු දින 07කින් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වන බැවින් නිරෝධායන කාලසීමාවද දින 07ක් දක්වා අඩුකර ඇති බවද හෙතෙම සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles