Sunday, September 22, 2024

ඔලිම්පික් ඇරඹේ!

ලොව මහා ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළල ජපානයේ ටෝකියෝ අගනුවරදී අද (23) ආරම්භ වේ.

මෙලෙස අද ආරම්භ වන්නේ ගෝලීය කොවිඩ් අර්බුදය නිසා වසරකින් කල්ගිය ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළලය.

මේ අතර ක්‍රීඩා උළලට සහභාගීවීම සඳහා ජපානයට පැමිණ සිටින ක්‍රීඩකයන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් රැසකට මේ වනවිට කොවිඩ් ආසාදනය වී තිබේ.

ජූලි පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ පමණක් ඔලිම්පික් ක්‍රීඩා උළල ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 87කි.

නෙදර්ලන්ත ජාතික ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙක් සහ කණ්ඩායමේ කාර්යමණ්ඩල සාමාජිකයෙක් කෙවිඩ් ආසාදිත බවට ඊයේ හඳුනාගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා අනිවාර්ය නිරෝධායනයට යොමුකර තිබුණි.

මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් ගිනියා රාජ්‍යය ඔලිම්පික් උළලට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles