ඔලිම්පික් උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෞද්ගලික ජංගම දුරකථන චීනය වෙත රැගෙන නොයන ලෙස FBI දැනුම් දෙයි

0
994

2022 ශීත සෘතු ඔලිම්පික් උලෙළ සඳහා එක්වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නරඹන්නන්ට තාවකාලික ජංගම දුරකථනයක් භාවිතකරන ලෙස FBI ආයතනය දන්වා තිබේ.

සයිබර් ක්‍රියාකාරකම් හේතුවෙන් උලෙළට ඇතිවිය හැකි බාධා සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති පසුබිමක මේ නිවේදනය නිකුත් කර තිබුණි.

එමෙන්ම අනිසි මෘදුකාංග හෝ ලුහුබැඳිය හැකි උපාංග ජංගම දුරකතනවලට සවිකිරීමට ඇති අවදානමද මෙහිදී අවධානයට ලක්ව ඇතැයි සදහන් වෙයි.

මේ නිසා සිය පෞද්ගලික දුරකතන චීනය වෙත රැගෙන නොයන ලෙසත් FBI ආයතනය දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here