Saturday, September 21, 2024

ඔලිම්පික් තරග වල දැනට පරාජයන් පමණි..

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ ජූඩෝ තරග ඉසව්වට එක් වූ ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායක චාමර නුවන් ධර්මවර්ධන 32 ගේ වටයේ අද පැවති තරගයේදී පරාජයට පත් වුණා.

ඔහු තරග වැදුණේ කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන්. චාමර නුවන් ධර්මවර්ධන මෙහිදී ජිබෝති රාජ්‍යයේ ඇලෙක්සැන්ඩර් හුසේන් හමුවේ ලකුණු 10ට බින්දුවක් ලෙස පරාජයට පත් වුණා. එම තරගය තත්පර 29 කින් අවසන් කරන්නටයි  ප්‍රතිවාදී ක්‍රීඩකයා සමත් වුණේ.

ඇලෙක්සැන්ඩර් හුසේන්, ඉපොන්  අවස්ථාවකින් ලකුණු රැස්කළ අතර එය ජූඩෝ ක්‍රීඩාවේ දී සැලකෙන්නේ, සම්පූර්ණ ලකුණක් ලබා ගැනීමක් ලෙසයි.

තරගයට පෙර පැවති ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයට අනුව, චාමර නුවන් ධර්මවර්ධන මෙවර 64 දෙනාගේ වටයට ක්‍රීඩා නොකර  ක්‍රීඩකයින් 32 දෙදෙනාගේ වටයට සහභාගිවීමේ අවස්ථාව හිමිකරගත්තා.

චාමර නුවන් ධර්මවර්ධන 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී දක්ෂතම ක්‍රීඩකයන් අතර 9 වන ස්ථානයට ද පත් වුණා.

මේ අතර බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන තවත් තරගයක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, අයර්ලන්ත ක්‍රීඩකයෙකුට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.50 ට ආරම්භ වුණා. එයද කෙළවුර වූයේ පරාජයකිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles