Saturday, January 11, 2025

ඔලිම්පික් සමාප්තිය අද

ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සමාප්තිය අදයි.

ඒ අනුව ඔලිම්පික් සමාප්තිය සනිටුහන් කරමින් ඔලිම්පික් ධජය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා විසින් නිල වශයෙන් ප්‍රංශයේ පැරිස් නුවර නගරාධිපතිනිය වෙත භාරදීමට නියමිතයි.

ඒ, මීළඟ ඔලිම්පික් උළෙල 2024 වසරේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත බැවින්.

මේ අතර තවදුරටත් ඔලිම්පික් පදක්කම් සටහනේ ඉදිරියෙන් චීනය පසුවනවා.

ඒ, රන් 38 ක්, රිදී 31 ක් සහ ලෝකඩ 18 ක් සමඟින් සමස්ත පදක්කම් 87ක් ලබා ගනමින්.  

ඇමරිකාව එහි දෙවන ස්ථානයේ පසුවන්නේ රන් 36 ක්, රිදී 39 ක් සහ ලෝකඩ 33 ක් සමඟින් සමස්ත පදක්කම් 108ක් ලබා ගනිමින්.

තුන්වන ස්ථානය හිමිව ඇත්තේ සත්කාරක ජපානයටයි.

ඒ, රන් 27 ක්, රිදී 12 ක් සහ ලෝකඩ 17 ක් සමඟින් සමස්ත පදක්කම් 56ක් හිමි කර ගනිමින්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles