ඕනෑම කෙනකුට සහල් ආනයනය කරන්න අවසර තියනවා

0
280

වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සහල් කිලෝවකට සත 25 ක බද්දක් ගෙවා ඕනෑම අයෙකුට සහල් ආනයනය කළ හැකි බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බවත් වෙළෙඳපොළේ ආනයනික සහල් මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

මේ අතර ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here