Sunday, September 22, 2024

ඕස්ට්‍රේලියාව, විපක්ෂ නායක හමුවෙයි… සජිත් ආධාර ඉල්ලයි…

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

එහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිලිබදව සාකච්ඡා පැවැති අතර බරපතල ව්‍යසනයක් වී ඇති කොරෝනා උවදුර පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ සදහා මහ කොමසාරිස්තුමාගේ විශේෂ අවධානය යොමු විය. එමෙන්ම, සමගි ජන බලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන හරහා ක්‍රියාත්මක රෝහල් උපකරණ ලබාදීමේ වැඩසටහනට අවශ්‍ය සහයෝගය ද ලබා දෙන බවට මහකොමසාරිස්තුමා සහතික විය.

පැය එකහමාරකට වැඩි කාලයක් ද්වීපාර්ශවීය සාකච්ඡා පැවති අතර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රීලංකාව අතර ඇති දශක හතකට වැඩි සම්බන්ධතාවය පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles