ඕසෝන් වියන සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

0
446

ඕසෝන් වියන සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදයි.

වායුගෝලයේ ස්වභාවිකව නිර්මාණය වී ඇති ඕසෝන් ස්ථරය ජීවිීන්ගේ පැවැත්ම සුරක්‍ෂිත කරයි.

එහෙත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඕසෝන් ස්ථරය මේ වනවිට ක්‍ෂය වෙමින් පවතී.

ඒ පිළීබඳව ලෝක ප්‍රජාවගේ අවධානය යොමුකරවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1987 දී සැම වසරකම සැප්තැම්බර් 16 වැනිදා ඕසෝන් වියන සුරැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඕසෝන් ස්ථරය රැක ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන කථිකාවක් ලොව ගොඩනැගුනේ 1985 දීය.

ඕසෝන් ස්ථරය රැක ගැනීම සදහා වියානා සම්මුතිය 1985 දී ඇති කරගනු ලැබීය.

ඕසෝන් ක්‍ෂයකාරක ද්‍රව්‍යයන්ට එරෙහිව මොන්ට්‍රියල් සංවිධානය 1987 සැප්තැම්බර් 16 වැනිදා මොන්ට්‍රියල් ගිවිසුම අත්සන් තැබීය.

බහුපාර්ශවික අරමුදල පිහිටුවා ගැනීම 1990 දී සිදුවිය.

ශ්‍රී ලංකාවද මොන්ට්‍රියල් සංවිධානයේ පාර්ශවකරුවෙකු ලෙස 1985 සිට ජගත් ඕසෝන් වියන සුරැකීමේ දිනය සමරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here