Tuesday, January 21, 2025

ඖෂධත් හිඟයි. ආනයනයට හිඟ ඩොලර් නෑ

ඖෂධ ආනයනය සඳහාා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු නොකරන්නේ නම් අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කිරීම නතර කිරීමට සිදුවනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පවසනවා. මේ වනවිටත් යම් යම් ඖෂධවල හිගයක් මතුව ඇති බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ තවදුරටත් ආනයන කටයුුතු නතර කිරීමට සිදු වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත ඖෂධ හිගයක් රටතුල ඇතිවන බවයි.

ඖෂධ ආනයනය සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මුදලක් වැය වන අතර එම ඩොලර් ප්‍රමාණය නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වන බවයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසන්නේ. එම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පවසන පරිදි ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීම වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා සති දෙකක් ඉක්ම වී ගොස් ඇති නමුත් මේ දක්වා ඖෂධ ආනයනයට අදාල ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වී තිබේ.

රජයේ රෝහල්වලද මේ වනවිට ඇතැම් ඖෂධ හිග වී තිබෙනවා. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ටද පෞද්ගලක ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගැනීමට සිදුව තිබේ.

මේ අතර ඖෂධ මිල වැඩි කිරීම සඳහා ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඖෂධ මිල 05% කින් ඉහළ දැමීම සඳහා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙයි.

.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles