Saturday, September 21, 2024

ඖෂධ අපනයනකරු වසර 19ක් හිරේට

ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ ඖෂධ අලෙවි කළ දෙහිවල ඖෂධ අපනයනකරුවකුට අවුරුදු 19ක බරපතල සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය එය වසර 10කට අත්හිටවූවාය.

දෙහිවල පදිංචි ජුනයිදීන් අහමඩ් රියාස්ට එසේ සිර දඬුවම් නියමවූයේ ව්‍යාජ ලේඛන සකසා තහනම් කළ ඇස් බෙහෙතක් මෙරටට ගෙන්වීමට උත්සාහ කිරීමත් බලධාරීන් නොමග යවමින් රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ගෙන්වීමත් යන චෝදනාවලට වැරදිකරුවීම හේතුවෙනි.

චෝදනා 10ක් යටතේ ඔහුට නඩු පවරා තිබූ අතර චෝදනා 9ක් සඳහා වසර 2 බැගින් ද එක් චෝදනවාක් සඳහා වසරක සිර දඬුවම්ද නියම විණි. එසේම චෝදනා 10 සඳහාම රුපියල් හැට ලක්ෂ පනස් දහසක දඩයක් ද ඔහුට නියම කැරිණි.

සසෙක්ස් මෙඩිකල් ප්‍රයිවට් ලිමිටඩ් හා හාර්කොට්ස් යන ඖෂධ සමාගම්වල නම් යටතේ ඔහු තහනම් ඖෂධ මෙරටට ගෙන්වීමට උත්සාහ කර ඇත. උපුටා ගැනීම ලංකාදීප

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles