Friday, January 17, 2025

ඖෂධ ආනයනකරුවන් ඖෂධ මිල වැඩි කරන්නැයි ඉල්ලයි

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් මුදා හළ නොහැකි නම් පාලන මිල ඉවත් කිරීම හෝ ඖෂධ මිල සියයට පහළොවකින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

2021 වර්ෂයේ අගෝස්තු මස ඖෂධ මිල සියයට නවයකින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ සැපයීම හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා දෙන ලදී. ඒ වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 176කට අලෙවි වුවද මේ වන විට එය රුපියල් 230 ඉක්මවා ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පැවසීය. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවේ පැරසිටමෝල් පෙති නිපද වීමද අඩාළ වී ඇත. පැරසිටමෝල් පෙත්තක පාලන මිල රුපියල් එකයි ශත පනස් නමයකි. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා එම පාලන මිලට පැරසිටමෝල් නිපදවිය නොහැකි බව සමාගම් විසින් පෙන්වා දී තිබේ.

පවතින තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයද මුදල් අමාත්‍යාංශය හා ඖෂධ සැපයීම් නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කළද මෙතෙක් විසඳුමක් නොලද බව ආනයනකරුවෝ පවසති.

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles