ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමට විශේෂඥ සහාය ලබා ගැනීමට තීරණය කරයි

0
306

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත යළි ලබා ගැනීමේ කටයුතු සඳහා විශේෂඥ සහය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

එම විශේෂඥයා අදාළ කටයුතු සඳහා යොදා ගැනීම දත්ත පද්ධතිය භාරව ක්‍රියාකළ ආයතනය මගින් සිදුකරන බවයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ.

ඒ අනුව, ඒ සඳහා සුදුසු විශේෂඥයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට යෝජනා වී ඇති බව සඳහන්.

ඉන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් දෙදෙනා විදෙස් ජාතිකයින්.

ඉන් සුදුසු වි‍ශේෂඥයා තෝරා ගැනීම අමාත්‍යාංශය පත්කළ කමිටුව මගින් සිදු කරනු ඇති.

දත්ත යළි ලබා ගැනීම පිළිබඳ සියලු කටයුතු ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here