Sunday, September 22, 2024

ඖෂධ නීතිගත සංස්ථාවට -කෝටියක පොල්ලක්

මෙරට‍ට ඖෂධ ගෙන්වන සමාගමක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හරිමින් සිදු කළ වංචාවක් ගැන තොරතුරු වාර්තා වෙයි.

එම සමාගම විසින් ගෙන්වන ලද මිල අධික ප්‍රතිජීවක ඖෂධයක් වන මෙරපනම් (merapanom) එන්නත් කුප්පි හැටපන්දහසකින් කිහිපයක වීදුරු කටු තිබී ‍සොයා ගෙන ද ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඒවා භාවිතයෙන් ඉවත් කර එම ‍ඖෂධ සඳහා සමාගමට ගෙවූ එම මුදල ආපසු ගෙවන ලෙසට දැනුම් දී කාලයක් ගත වී ඇතත් ඔවුන් එම මුදල් ගෙවීම් පැහැර හරිමින් සිටියි.

එම ඖෂධ කුප්පි හැටපන්දහස ගෙන්වා ඇත්තේ ඉන්දියානු සමාගමක් විසිනි. පසුගිය කාලයේ මහරගම පිළිකා රෝහලට ඖෂධ සපයා කල් ඉකුත් වූ ඖෂධ සොරකම් කර දැනට නඩුවකට ලක්වී සිටින්නේද එම සමාගමයි.

මේ සමාගම ගෙන්වන ලද මෙරපනම් ඖෂධයෙන් එන්නත් කුප්පි තිස් දෙදහසක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් කරාපිටිය රෝහලට යවා තිබේ.

ඒවා භාවිතයට ගෙන පරීක්ෂා කිරීමේදී එම ඖෂධ තුළ වීදුරු කටු ඇතුළත් බව හෙළිවීමත් සමඟ ඒවා භාවිතයෙන් ඉවත් කර අදාළ සමාගමට ඒ බව දැනුම් දී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියත් එම සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම මුදල් ගෙවන ලෙස අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබේ.

එහෙත් සමාගම මේ වන විටත් මුදල් ගෙවීම පැහැර හරිමින් සිටියි.

ඒ අතර භාවිතයට ගත නොහැකි මෙවැනි ඖෂධයක් සැපයීම සම්බන්ධව නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසද ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී ඇත.

මෙම ඖෂධ සපයන සමාගම ඉන්දියාවේ ප්‍රසිද්ධ ඖෂධ නිෂ්පාදන සමාගමක් වෙයි.

මෙම සමාගම මෙම මුදල් ගෙවීම තවදුරටත් පැහැර හැරියහොත් සහ නිදහසට කරුණු ඉදිරිපත් නොකළහොත් එම සමාගමට එරෙහිව නීති මඟින් කටයුතු කර ඖෂධ සැපයීම නතර කර Black List බ්ලැක් ලිස්ට් කිරීමට කටයුතු කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බලාපොරොත්තු වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles