Monday, September 23, 2024

ඖෂධ මිල පහළට

ඖෂධ මිල අඩු කිරීමේ ක්‍රමවේදයක් ඉදිරි මාස දෙක තුළදී සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික  ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී ඇත.

ඖෂධ ටෙන්ඩර් පටිපාටියට මාස 10ක් ගත වුවද මේ වන විට ටෙන්ඩර් ක්‍රමය සංශෝධනය කිරීම හේතුවෙන් එම කාලය මාස 3 සිට 4 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ද ඇමැතිවරයා පෙන්වා දේ.

ඖෂධ එක් වර්ගයක් පමණක් මෙරට ලියාපදිංචි කර තිබූ බැවින් ගොඩ නැගී තිබූ මිල ඒකාධිකාරිය මේ වන විට බිඳ දැමීම සඳහා කටයුතු කර ඇති බවත් ඒ අනුව එක් ඖෂධයක් වෙනුවෙන් සමාගම් කිහිපයකට ලියාපදිංචිය ලබා දී තිබෙන බව ද හෙතෙම සඳහන් කරයි.

පිළිකානාශක ඖෂධයක මිල රුපියල් දෙලක්ෂ පනස්දහසක් වූ අතර ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් එහි මිල රුපියල් 65000 දක්වා පහළ දමා ඇතැයි ද ඒ හේතුවෙන් රුපියල්  මිලියන 200ක ලාභයක් සෞඛ්‍ය අමාත්‍යංශයට හිමිව ඇති බවත් පැවසේ.

ඖෂධ මිල සියයට 85කින් අඩු කරන ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිටි මහාචාර්යවරුන්ට දැනුම් දුන්නද ඔවුන් එය ඉටු නොකළ බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

ඇමැතිවරයා මේ අදහස් පල කළේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles