Sunday, November 17, 2024

ඖෂධ වර්ග 75ක මිල ගණන් ඉහළ බව දමන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි

මිල පාලනය කර ඇති ඖෂධ වර්ග 75ක මිල ගණන් සිකුරාදා (11 වැනිදා) වන විට වැඩි කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඒ 5%ක මිල වැඩිවීමකිනි. එහෙත් රුපියල පා කර හැරීම නිසා ඖෂධ මිල 20%කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඊයේ (9 වැනිදා) ඉල්ලා සිටියේය.

මේ අතර රුපියල පා කර හැරීම හේතුවෙන් ඩොලරය ඉහළ යාම නිසා ඖෂධ මිල 20%කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයට ඊයේ (9 වැනිදා) දැනුම් දුන්නේය.

ඒ ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයන් සහ රාජ්‍ය ඇමැති චන්න ජයසුමන අතර පැවැති සාකච්ඡාවකදීය.

ඖෂධ මිල ඉහළ දැමීමේ යෝජනාව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුවට යොමු කර නිර්දේශ ලබාගන්නා බවද රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව ලබන සතිය වන විට විසඳුමක් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි කර්මාන්ත මණ්ඩල නියෝජිතයෝ විශ්වාසය පළ කළහ.

ඒ අනුව දිවයින පුරා ෆාමසි සඳහා ඖෂධ නිකුත් කිරීම අද (10 වැනිදා) සිට ආරම්භ කරන බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කළේය.

මෙි අතර රට තුල නිර්මාණය වී ඇති ඖෂධ හිඟය හේතුවෙන් ඔසුසල් සහ රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීමේදි ඇතැම් ඖෂධ නොමැති බවට ප්‍රකාශ කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් මේ සම්බන්ධව අවධානය යොමුකරන්නැයි ඉල්ලා වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සහ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්වරුන්ගේ අත්සනින් යුතුව අමාත්‍යවරයා වෙත මෙම ලිපිය යොමුකර තිබේ.

මේ වනවිට මතුව ඇති ඖෂධ හිඟය හේතුවෙන් හදිසි රෝගාබාධ සහ දීර්ඝ කාලීන රෝගාබාධ සඳහා ප්‍රථිකාර ලබන රෝගීන්ට අවශ්‍ය කෙරෙන ප්‍රථිකාර සඳහා ගැටළු මතුවිය හැකි බව එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත.

අඛණ්ඩ ඖෂධ සැපයුමක් රට තුළ පවත්වාගෙන යාමට හැකිවන පරිදි දැනට පවත්නා ක්‍රමයේ අඩුපාඩු හෝ ඖෂධ සැපයීමේ දුර්වලතා සහ ඖෂධ හිඟය සම්බන්ධව අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය මේ සඳහා යොමුවිය යුතු බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles