Sunday, September 22, 2024

ඖෂධ සංයෝජකයෝ වැඩ වර්ජනයකට අර අදියි..

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට රජයේ ඖෂධ සංයෝජක නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම්.එස් බණ්ඩාර මහතා පවසන්නේ ලබන 13 සහ 14 යන දෙදින තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

දැනට සෞඛ්‍ය සේවයේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඇතුළු අනෙකුත් සේවාවන්ට ගෙවනු ලබන මාසික රාජකාරි දීමනාව ලබා නොදීම, අතිකාල දීමනා ලබා දෙන ක්‍රමවේදයේ පවතින ගැටළු, අනතුරු දීමනාව නොගෙවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරින් සමග සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදී නොමැති බව රජයේ ඖෂධ සංයෝජක නිළධාරින්ගේ සංගමය සඳහන් කළේය.

වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලු රෝහල්වල ඖෂධ කළමනාකරණ කටයුතු අඩාලවීමක් සිදු වන බව පවසන එම සංගමය පෙන්වාදෙන්නේ එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් විසින් භාරගත යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles