කච්චතීව් දූපතට එන්න ඉන්දියානුවන්ට අවසර ලැබෙයි

0
258

කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලය සඳහා ඉන්දීය බැතිමතුන්ටද සහභාගී වීමට රජයෙන් අවසර ලබා දී ඇති බව යාපනය දිසාපති කාර්යාලය සඳහන් කරයි.

මීට පෙර පැවති සාකච්ඡාවකදී ඉන්දීය බැතිමතුන්ට වාර්ෂික මංගල්ලයට සහභාගී වීමට අවසර ලබා නොදෙන බවට ගත් තීරණය විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීම මත වෙනස් කිරීමට සිදුව ඇති බව යාපනය දිසාපති කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත් මාර්තු මස 11 හා 12 යන දිනවලදී කච්චතීව් වාර්ෂික මංගල්ලයට සහභාගී වන ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බැතිමතුන් කොරෝනා රෝගය සඳහා වූ එන්නත් තුනම ලබා ගෙන ඇද්ද යන කාරණය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට තීරණය කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here