Saturday, November 16, 2024

කටුනායක අධිවේගය පෑලියගොඩින් 14 වසයි

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන දින උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබේ.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ – නුවර මාර්ගයත් (A1), කොළඹ – මීගමුව මාර්ගයත් (A3)භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles