කටුනායක ගුවන්තොටුපළට එනතෙක්‌ මට මුල්ලේරියාව පොලිසියෙන් ආරක්‍ෂාවත් සලසා දුන්නා

0
608

තමා රුසියාවට ගියේ පොලිස්‌ පොතේ සටහන් කර යෑයි “සයිටම්” පෞද්ගලික රෝහලේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඊයේ (12 දා) රුසියාවේ සිට දුරකථනයෙන් කියා සිටියේය.

තම වාහනයට මාලබේදී වෙඩි තැබීම පිළිබඳව කනගාටු විය යුතුව තිබියදී ඇතැමුන් තවදුරටත් වපර ඇසින් බලන බව පැවසූ වෛද්‍ය සේනාරත්න මහතා මෙම සමාජය ගැන තමා කනගාටුවන බවද පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. “මම රුසියාවට ගියේ තනිවම නොවේ “සයිටම්” එකේ තවත් කීප දෙනෙකුත් මා සමග පැමිණියා. මෙම ගමන කලින් යොදාගත් එකක්‌. සිද්ධියෙන් පස්‌සේ මම රුසියාවට පැනලා ගිය බවට විරුද්ධවාදීන් ප්‍රචාරය කරනවා.

රුසියාවට යැම සඳහා මා කටුනායක ගුවන්තොටුපළට එනතෙක්‌ මට මුල්ලේරියාව පොලිසියෙන් ආරක්‍ෂාවත් සලසා දුන්නා.

මිනිහෙක්‌ කරදරයකට පත්වුණාට පස්‌සේ මඩ ගහනවා. නොයෙකුත් දේවල් කියනවා. සමාජය ගැන පුදුම කනගාටුවක්‌ දැනෙනවා.

රුසියාවට ගිය රාජකාරිය අවසන් කරලා තව දින කිහිපයකින් අපි ශ්‍රී ලංකාවට එනවා. ඕනෑම පොලිස්‌ පරීක්‍ෂණයකට මුහුණ දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here