කටුනායක ගුවන්තොටුපොළ හෙට විවෘත වෙන්නේ මෙහෙමයි

0
816

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සඳහා හෙට (26) සිට යළි විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව වාණිජ සහ භාණ්ඩ ප්‍රවහන ගුවන් යානාවලට මෙරට ගුවන්තොටුපොළට පැමිණීමට සහ පිටවීමට අවසර හිමිවේ.

සෞඛ්‍යාරක්ෂිත උපදේශනවලට අනුව එම ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

මේ අතර සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරිමේ දී සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ ලිපියේ දෝෂ පවතින බව ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය  ආයතනයේ සමාජික, අචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේය.

“මේ ගුවන්තොටුපොළ විවෘත කරනවා සංචාරක ව්‍යාපාරය සඳහා. මේක විවෘත කිරීමේ දී අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩපිළිවෙළ නිරෝධායන රෙගුලාසි නීතිරීති වැඩපිළිවෙල යටතේම සිදුකරන්න කියලා. ඒකට හේතුව ඊයේ පෙරේදා සංචාරක සංවර්ධන අධිකාරිය ලිපියක් නිකුත් කරනවා. ඒ ලිපියේ යම් යම් දෝෂ සහිත තත්ත්වයන් පවතිනවා. මේකට නමක් දාලා තියෙනවා අත්හදා බැලීමේ බුබුලක් කියලා. අපිට තියෙන ගැටලුව තමයි මේක සංචාරක බුබුලක් නෙමෙයි සංචාරක පොකුරක් වෙයි ද කියන එක. මෙන්න මේ ගැන වැඩි අවදානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා,” යනුවෙන් ද අචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා පැවසීය.

මේ අතර මොස්කව් නුවර සිට සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබුණද එම ගුවන් ගමන අවලංගු කර ඇති බව වාර්තා වේ.

දින කිහිපයක් ප්‍රමාද වී එම ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here