කටුනායක ගුවන් තොටුපළට යන ප්‍රහාරයක් එල්ල කරන්නේ යැයි ලැබුණු විද්‍යුත් ලිපියක් හේතුවෙන් එහි ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.
ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ගුවන් තොටුපළට ලද ඊමේල් පණිවුඩයකට අනුව මෙසේ ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර තිබෙන බවයි ඉහළ පොලිස් නිලධාරියෙක් දිනපතා පුවත්පතකට සඳහන් කර ඇත්තේ.
මෙම පණිවිඩය මෙරටට යොමුකර ඇත්තේ බංග්ලාදේශ හමුදාවට අයත් ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ මගින් බවද හෙළිවී තිබේ.
ගුවන් තොටුපලට හා රජයේ ගොඩනැගිලිවලට ප‍්‍රහාරයක්’ යයි තොරතුරක්… ආරක්‍ෂාව තර කර පෙරහුරු කරයි..
CHANNEL S / NEWS
කටුනායක ගුවන් තොටුපළට යන ප්‍රහාරයක් එල්ල කරන්නේ ඇයි ලැබුණු විද්‍යුත් ලිපියක් හේතුවෙන් එහි ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.
අදාල ඊමේල් පණිවිඩය ගුවන්තොටුපලේ නිල වෙබ් ලිපිනය වෙත යොමු කරමින් සඳහන් කර තිබුණේ එළැඹෙන විසි වෙනිදා ගුවන්තොටුපළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවයි.
එසේ නොකරන්නට නම් සිව්දෙනෙකු නිදහස් කරන ලෙස ද ඔවුන් ඉල්ලා තිබිණි.
කෙසේ නමුත් මෙම තත්ත්වය මත කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර ඇති අතර හදිසි අවස්ථාව සම්බන්ධයෙන් පෙරහුරු ද ක්‍රියාත්මක කර තිබේ.