කටුනායක ගුවන් තොටුපොළේ නව ගුවන් යානා නැවතුම් අංගනය අද ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

0
353

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක නව ගුවන් යානා නැවතුම් අංගනය හෙට (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

එය මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ද වාර්තා පොත් අතරට එක්වනවා.

ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ඉදිවූ අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 6.1කි.

සමස්ත ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 100 ඉක්මවන අතර මේ නව ව්‍යාපෘතියත් සමඟ ගුවන්තොටුපොළේ ගුවන් යානා නැවතීමේ අංගන ප්‍රමාණය 49 දක්වා වැඩිවන අතර එමඟින් ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයකින් ඉහළ යනු ඇති.

ලොව නැගෙනහිර සිට බටහිර යා කරන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පත් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here