කටුනායක PCR මධ්‍යස්ථානයේ ජෛව සාම්පල ලබාගැනීම තාවකාලිකව නවතියි

0
312

මෙරට විශාලතම PCR පරීක්ෂණාගාරය සහිත කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ජෛව සාම්පල ලබාගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සංචාරකයින්ට කොවිඩ් පරීක්ෂණ වාර්තා නිකුත් කරන පද්ධතියේ මතුවූ තාක්ෂණික ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම කටයුතු අත්හිටුවීමට සිදුවී ඇත.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පෞද්ගලික ආයතනයක් සමග එක්වී කටුනායක 18 කණුව ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කළේය.

මේ හේතුවෙන් විදෙස්ගතව සිට පැමිණෙන දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් ජෛව සාම්පල ලබාගැනීම ගුවන්තොටුපොලේදීම සිදුකෙරන අතර අදාළ සාම්පල එම මධ්‍යස්ථානයේ පර්යේෂණාගාරය වෙත යොමුකර වාර්තා ලබාගැනීම පමණක් දැනට සිදුකෙරේ.

පසුගිය ජූලි මස 9 වැනිදා සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක් වැයකර මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට අනුමැතිය හිමිවී තිබුණි.

මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ට මතුවන ගැටලු අවම කර පැය 03 ක කාලයක් තුළ අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබාදී සංචාරකයින්ට ගමනාන්ත වෙත යාමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ අරමුණ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here