Tuesday, December 24, 2024

කඨින පෙරහැරවලට අවසර නොලැබෙි

කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මෙම වසරේදී ද කඨින චීවර පූජාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන ලෙසය .

එහිදී පහත දැක්වෙන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසද දැනුම්දී තිබේ.

කඨින චීවර රැගත් පෙරහැර සඳහා මෙම අවස්ථාවේ අවසර ලබාදිය නොහැකි බවත් ,

කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීමත්

කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීමත් කල යුතු බවයි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles