Saturday, November 16, 2024

කඩපිලක අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව බිබිල මැදගම නගරයේ කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය තම බිරිද හා දියණිය බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකර තිබෙනවා.

බිබිල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.බී කාන්ත බිමල් රත්නායක මහතා සඳහන් කලේ අසුව දශකයේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් වෙළද ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදි මිය ගිය මෙම පුද්ගලයා වෙල්ලස්සේ අහිංසක මිනිසුන්ට උදව් උපකාර කර ඇති බවයි.

පසුකාලීනව ඔහු අන්ත අසරණ තත්ත්වයට පත්ව මැදගම නගරයට පැමිණ වසර විස්සක කාලයක් තිස්සේ සිඟමන් යදිමින් කඩපිල්මත දිවි ගෙවා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles