Monday, September 23, 2024

කඩවත්සතරේ රාජ්‍ය නිලධාරීන් සහ අනික් රාජ්‍ය නිලධාරීන් අතර වෙනස….

මේ දිනවල රට පුරා නැගෙන චෝදනාව වන්නේ එන්නත්කරණ ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක නොවන බවය.

ඒ අතර ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉතාම නිර්මාණශීලී වෙමින් මේ සඳහා පරිගණක යෙදවුමක් ආධාර කරගනිමින් ජනතාව ඔන්ලයින් ක්‍රමවේදයට හුරුකර ඇත. එ් හරහා කිසිදු ප්‍රමාදයකින් තොරව කටයුතු කරගැනීමට හැකියාව ලැබී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන එහි ප්‍රාදේශිය ලේකම් හිමාලි රණවීර මහත්මිය

“මේ එන්නත්කරණය ගැන ආරංචි වූ වහාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අපි මේ සඳහා පරිගණක සිස්ටම් එකක් නිර්මාණය කළා. ඒ අනුව ප්‍රදේශවාසීන් දැනුවත් කළා ඔන්ලයින් ඔස්සේ ඒ සඳහා රෙජිස්ටර් වන ලෙසට. ඒ වාගේම තමයි ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නට බැරි අය සඳහා අයඳුම්පත්‍රයන් නිවාස වෙත යවනු ලැබුවා. ඉතින් ඒ අනුව ලියාපදිංචි කරගත් සියලු අය සඳහා කෙටි පණිවිඩයක් හරහා දිනය හා වේලාව ඔවුන්ට දැනුවත් කළා. ඒවාගේම ඔවුන්ගේ හැඳුනුම්පත් අංකය කෙටි පණිවුඩයට යෙදුවා. ඒ අනුව එම කෙටි පණිවුඩය පෙන්නලා මෙතනින් ඇතුළු වෙන්නට පුළුවන්. ඒ කෙටි පණිවුඩයේ තිබෙන වේලාවට කලින් එන අය කිසිවෙක් අපි කලින් ඇතුළු කර ගන්නේ නැහැ. ඉතින් ඒ නිසා නියමිත වෙලාවට වාගේම මේ කටයුතු ඉතාමත් ඉක්මනින් කාර්යක්ෂමව ඉටුකිරීමට පුළුවන් වුණා. “

එන්නත ලබාගත් ජනතාව කියා සිටියේ තමන් ඔන්ලන් රෙජිස්ටර් වූ බවත් කෙටි පණිවිඩයේ සඳහන් කර තිබූ වේලාවට පැමිණ පෝළිමේ නොසිට එන්නත්කරණය සිදුකර ගත් බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles