Thursday, January 23, 2025

කඩිනමින් යළි පාසල් ආරම්භ කිරිමට අවධානය

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරිම පිළිබද අවධානය යොමුවි තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ජාවකදි තිරණය වි ඇත්තේ පාසල් ආරම්භ කිරිම පිළිබද ප්‍රතිපත්තිමය තින්දුව ගැනිම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රිති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරිමටයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් පිරිසක්ද,වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගී වී තිබෙනවා.

මෙරට පාසල් පද්ධතියේ ළමුන් 200 ට අඩු පාසල් 5000 ක් පමණ වන අතර එම පාසල් මේ අනුව කඩිනමින් ආරම්භ කිරීමටද අපේක්ෂා කෙරෙනවා.

මුලික අදියර යටතේ පෙර පාසලේ සිට 6වන ශ්‍රේණිය දක්වා වු පාසල් මුලිකව ආරම්භ කිරිමටයි අවධානය යොමු වි තිබේ

ඒ අනුව පාසල් ආරම්භ කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.

මේ අතර මේ වන විට පාසල් ගුරුවරුන් , අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත්, එයට අමතරව මේ වන විටත් එන්නත්කරණය කර නොමැති පාසල් ප්‍රවාහන සේවාවන්හි නිරත වන්නන් සියල්ලන්ම ඉතා කඩිනමින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles