Friday, January 24, 2025

කඩිනමින් සහල් ගෙන්වා සීයට අඩුවෙන් දෙනවා….. බන්දුල ගුණවර්ධන

කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව කඩිනමින් සහල් ආනයනය කර පාරිභෝගික ජනතාවට රුපියල් සියයට අඩුවෙන් සහල් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන්වයෙන් පෙරේදා (27දා)  රැස්වූ කැබනට් මණ්ඩල රැස්වීමේදී කිරිපිටි, ගෑස්, පාන්පිටි, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කර ඒවායේ මිල වැඩි නොකිරීමටත්, සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් තීරණය කෙරුණි. ඒ අනුව මෙයට පෙර සහල් ආනයනය කිරීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩර් කඩිනම් කරමින් සහල් ආනයනය කෙරෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

පාරිභෝගික ජනතාවට අවශ්‍ය සහල් සාධාරණ මිලට දේශීය වෙළෙඳ පොළ තුළින් සැපයීම නොකෙරෙන්නේ නම් අවශ්‍ය සහල් ආනයනය කර හෝ සාධාරණ මිලකට ලබාදීම රජයේ වගකීම යැයිද ඇමැතිවරයා පැවැසීය. වී ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරගැනීමට රජය විසින් පාලන මිලක් ඇති කළ විට ඊට විරෝධය පාමින් වෙළෙඳ පොළ තුළ කෘතී‍්‍රම හිඟයක් මවාපා පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්කිරීමට කටයුතු කරන්නේ නම් රජයට සහල් ආනයනය කරනවා හැර වෙනත් විකල්පයක් නැතැයිද හෙතෙම කීය.

වී සහතික මිල රුපියල් 60, 70, 90 ක් කළහොත් පාරිභෝගිකයාට සහල් කිලෝවක් රුපියල් 120, 140, 180 ක් වැනි මිලගණන්වලට අලෙවි කිරීමට සිදුවන බවත්, පවතින කොවිඞ් ව්‍යසනය හමුවේ ජනතාව තවදුරටත් අපහසුතාවට පත්කිරීමට වගකිවයුතු රජයකට ඉඩදිය නොහැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles