කඩොලාන විනාශය

0
589

කල්පිටිය පානකුඩාව කප්පල්අඩිය ධීවර ගම්මානයේ කලපුවේ ඇති කඩොලාන නීතිවිරෝධී ලෙස කපා දමා ඇති බවට “අද දෙරණ“ට තොරතුරු වාර්තා විය.

ඒ පිළිබඳව සොයා බැලූ අපට දැක ගැනීමට හැකිවුණේ පිරිසක් කඩොලාන කපා කම්බි ගසා භූමිය වෙන්කර ඇති ආකාරයයි.

මේ හේතුවෙන් මත්ස්‍ය අභිජනනයට ද බාධා එල්ලවන බව ප්‍රදේශවාසී ධිවරයින් පවසයි.

මෙහි සිටි පුද්ගලයෙකු පැවසුවේ මෙය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු විසින් සිදුකරන බවටය.

ලාභ ප්‍රයෝජන සඳහා මෙලෙස සිදුකරන පරිසර විනාශය පිළිබඳව දැන්වත් බලධාරීන්ගේ අවධානයක් යොමුවිය යුතු බව ප්‍රදේශවාසීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here