Thursday, January 23, 2025

කණගාටුයි ඉන්ධන අවසන් !

දෙසතියකට අධික කාලයක් තිස්සේ ඇදෙමින් ඇති එක්සත් රාජධානියේ ඉන්ධන හිඟය මේ වන විට අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. පසුගිය දින ගණනාව තුළ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු රථ වාහන පෝලිම් දැක ගත හැකි වූ අතර බොහෝ පිරවුම්හල් “කනගාටුයි, ඉන්ධන අවසන්” යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබිණි. මෙම ඉන්ධන හිඟයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඉන්ධන බෙදා හැරීමේදී උද්ගතව ඇති බවුසර් රියැදුරන්ගේ හිඟය පිළිබඳ ගැටලුවය.

බ්‍රිතාන්‍ය රජය ඉකුත් සතියේ දී විදේශීය බර වාහන රියැදුරන් 5000කට සහ ඉන්ධන බවුසර් රියැදුරන් 300කට වහාම තාවකාලික වීසා ලබා දෙන බව නිවේදනය කළේය. අගමැති බොරිස් ජොන්සන් බීබීසියට පවසා ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙන්, ඉන්ධන බවුසර් රියැදුරන් වශයෙන් සේවය කිරීමට යුරෝපා සංගමයෙන් ලැබී ඇත්තේ අයදුම්පත්‍ර 127ක් පමණක් බවය. අගමැති ජොන්සන් පෙන්වා දෙන්නේ, මෙය ගෝලීය ප්‍රශ්නයක් වී ඇති අයුරු ඉන් පිළිබිඹුවන බවය. රියැදුරන්ගේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පැවතීම ගැන ඔහු චෝදනා කරන්නේ, දීර්ඝ කාලීන වශයෙන් වැටුප් වැඩි නොවීම මෙන්ම පහසුකම් වර්ධනය වී නොතිබීම මීට බලපා ඇතැයි යනුවෙනි. උද්ගතව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ හමුදාවේ සහාය ලබා ගැනීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර ඇත. රියැදුරන් 100 දෙනෙක් ද ඇතුළුව 200කගෙන් සමන්විත හමුදා කාර්ය මණ්ඩලයක සේවය ලබා ගනිමින් තිබේ. මෙහිදී ආරක්ෂිතව මේ කාර්යයේ නියැලීම ගැන හමුදාවට පුහුණුවක් ද ලබා දී ඇතැයි වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles