කථානායකගෙන් මන්ත්‍රීවරැන්ගේ අදහස් දැක්වීම ගැන අවවාදයක්

0
296

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇති අදහස් ප්‍රකාශ කිරිමේ උපරිම නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන ඇතැම් මන්ත්‍රිවරු අදහස් දැක්වීමෙන් තමන්ට ඡන්දය දුන් ජනතාවට අගෞරවයක් සිදුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු අවධාරණය කලේ බහුතරයක් මන්ත්‍රිවරු සෑම අවස්ථාවකම විරෝධය පෑම සුදුසු හා සාධාරණ යැයි ඇතමුන් සිතුවත් රට එය අනුමත නොකරන බවත් මෙමඟින් හානි වන්නේ එම මන්ත්‍රීවරුන්ගේම ගෞරවයට බවයි.

මෑත කාලිනව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ නොමනා හැසිරීම් ප්‍රදර්ශනය කරන අවස්ථා ඉහළ ගොස් තිබෙන බවද මේවා නීති ගෙන එමින් පාලනය කිරීමට කිසිදු අදහසක් නොමැති බවද ඒ මහතා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here