කන්ඩ සල්ලි එයි!

0
435

ආහාර ලබා ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇතැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම  පිළිබඳව සංවාද සාකච්ඡාවකට සහභාගී වෙමින් වැඩ බලන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් මහතා සහ අනෙකුත් ජාත්‍යන්තර නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක් වූහ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 6 ක් හෝ මිලියන 7.5ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වී නිෂ්පාදනය සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් මිලියන 24 ක් වන අතර 2021 දී වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 16 ක් වූ බවත් එබැවින් ශ්‍රී ලංකාවෙි සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි වැඩ බලන ජනාධිපතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here